♦ ️රටක් වටින පොතක් ♦ ️ දයාබර දරුවනි, වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් 41 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ් යාපන අමාත් යාංශය හා ශ් රී ලංකා ජාතික පුස්තකාලය හා එක් ව පොත් 10,000 ලිවීමේ දීපව් යාප්ත වැඩසටහනක් දියත් කොට ඇත. ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව් යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ් යාපන අධ් යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ් යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ් යාපන අධ් යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අ...